අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.
එම ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කළේය.
Azerbaijan Airlines විසින් මෙහෙයවනු ලබන මෙම ගුවන් යානය Aktau නගරය ආසන්නයේදී කඩා වැටීමෙන් ගින්නට හසුව ඇති නමුත් මේ වන විට ගින්න නිවා දමා ඇත. අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
Embraer 190 වර්ගයේ මෙම යානයේ මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට ඇති බව අසර්බයිජාන් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
Azerbaijan Airlines හ J2-8243 නම් ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන Baku සිට රුසියාවේ Grozny දක්වා ගමන් කරමින් තිබුණි. මීදුම හේතුවෙන් අදාළ ගුවන් යානය වෙනතකට යොමු කර ඇති බව වාර්තා වේ.
සුනාමි ව්‍යසනය සිදුවී හෙට දිනයට වසර 20 ක් සම්පූර්ණ වනවා. හෙට දිනයේ උදෑසන 9.25 සිට…
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම…
ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව…
රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති…
නත්තලේ සැබෑ අර්ථය සාමුහිකත්වය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා. නත්තලේ සැබෑ අර්ථය වන…
ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුවීම හේතුවෙන් ඊයේ (24) මියගොස්…