News

කුකුලු මස් කිලෝවක් අල්ලස් ලෙස ගත් රජයේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට!

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙකු සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.

කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙස රුපියල් 1,170ක් වටිනා කුකුළු මස් කිලෝවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාව සඳහන් කළේය.

Yumal Kasun

Recent Posts

සුනාමි ව්‍යසනය සිදුවී හෙට ට වසර 20 ක්, විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙස ඉල්ලීමක්

සුනාමි ව්‍යසනය සිදුවී හෙට දිනයට වසර 20 ක් සම්පූර්ණ වනවා. හෙට දිනයේ උදෑසන 9.25 සිට…

13 hours ago

බීමතින් රිය ධාවනය කළ 251ක් අත්අඩංගුවට!

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව…

16 hours ago

මගීන් 67ක් සම​ඟ ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ම​ගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.එම ගුවන් යානයේ පුද්ගලයින් 67…

17 hours ago

සහල් ආනයනය සඳහා සතො​ස ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේප වෙ​යි – ප්‍රති ටෙන්ඩරය​ත් ප්‍රතික්ෂේපයි!

රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති…

18 hours ago

”සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය නත්තලේ සැබෑ අර්ථයයි”අගමැතිතුමියගේ නත්තල් සුභ පැතුම!

නත්තලේ සැබෑ අර්ථය සාමුහිකත්වය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා. නත්තලේ සැබෑ අර්ථය වන…

18 hours ago

ස්විස් ජාතික හිම මත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකට හසුව අවාසනාවන්ත ලෙස මරුට!

ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුවීම හේතුවෙන් ඊයේ (24) මියගොස්…

19 hours ago