සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඒ අනුව ආනයනික සහල් තොග ගෙන්වීම සඳහා ලබා දී ඇති කාළ සීමාව 2025 වසරේ ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවයි.
දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් මේ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.
මේ වන විට ඉකුත් 20 වැනි දායින් අවසන් වූ කාලය තුළ, සහල් මෙට්‍රික්ටොන් 67,000ක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එම ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 38500ක් නාඩු සහල්.
මේ අතර අදාළ සහල් තොග ආනයනය හරහා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පසුගිය දා ප්‍රකාශ කර සිටියා.
ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහ නම යොදාගෙන ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ…
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා…
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත…
අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී…