News

රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි!

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇත.

එමගින් මහභාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවය.

රජය සතු ව්‍යවසායන් හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

Yumal Kasun

Recent Posts

ඊශ්‍රායල් රැකියා ගැන විස්තර දැනගන්න අලුත් වෙබ් එකක් !

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී…

12 hours ago

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නමින් කෙරෙන වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක් !

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහ නම යොදාගෙන ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ…

14 hours ago

2020 දී මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාළ පරීක්ෂණය වසා නොදමන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්!

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ…

17 hours ago

ෂෙයික් හසීනා ආපසු එවන්න – බංගලාදේශය ඉන්දියාවට ලියයි !

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත…

20 hours ago

සහල් ආනයන කාල සීමාව තවත් දීර්ඝ කරන්න කැබිනට් අනුමැතිය!

සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද (24) පැවැති…

20 hours ago

මහින්ද රාජපක්​ෂ​ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක්?

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී…

21 hours ago