ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසන්නේ.
ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර රැකියාව සදහා අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම ,අයැදුම්කරුටම ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසා දී තිබෙනවා.
www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය , දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත් කර අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
සුනාමි ව්‍යසනය සිදුවී හෙට දිනයට වසර 20 ක් සම්පූර්ණ වනවා. හෙට දිනයේ උදෑසන 9.25 සිට…
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම…
ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව…
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.එම ගුවන් යානයේ පුද්ගලයින් 67…
රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති…
නත්තලේ සැබෑ අර්ථය සාමුහිකත්වය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා. නත්තලේ සැබෑ අර්ථය වන…