පසුගියදා හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක දමින්ද සේනානායක විසින් අද (23) දින පරික්ෂා කරනු ලැබුවා.
මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කරගෙන ඇති බව සඳහන්.
තවද රියදුරුගේ ආරක්ෂිත බද පටිය නොමැති බවත්, බස් රථය තුල අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබිම නිසා මගින් තිදෙනෙකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතල තුවාල සිදු විමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලිසිය වෙත පවසා සිටියා.
එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතල විමට හේතුව වි ඇති බවද මොටර් රථ පරික්ෂකවරයා පැවසුවා.
මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවි කර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරින්ට පවසා තිබෙනවා.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් පොලිසිය ප්‍රකාශ කළේ.
මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන…
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ…
අද (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන…
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්…
කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක්…
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මේ වන විට මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා…