Local

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක් !

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා.

මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැටහයයි දශම එකක වෙන්කළ මුදලකින් සමන්විත බවය.

Team CNF

Recent Posts

හැටන්-මහනුවර මාර්ගයේ බස් රථ අනතුරක්!

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තකට පෙරළී අනතුරක්…

26 minutes ago

සහල් ආනයනයෙන් කෝටි 430 ආනයන බදු ආදායමක් !

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික…

31 minutes ago

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ‘ආචාර්ය’ ආවේ කොහොම ද? – CID ය පාර්ලිමේන්තුව පීරයි !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම…

2 hours ago

වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…

1 day ago

අර්චුනාට නඩු – මිලියන 100ක් වන්දි ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ නඩු පවරයි!

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ…

1 day ago

ලංකාව අද අලුත් බැඳුම්කර නිකුත් කරයි!

අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර ඇතුළුව ශ්‍රී ලංකාව අද…

1 day ago