Local

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ‘ආචාර්ය’ ආවේ කොහොම ද? – CID ය පාර්ලිමේන්තුව පීරයි !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානිහු සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළා.

Team CNF

Recent Posts

මව බලන්න ජනපති අනුර අනුරාධපුර ශික්ෂණ රෝහලට !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින…

53 minutes ago

හැටන් බස් රථ අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට!

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ…

58 minutes ago

හැටන්-මහනුවර මාර්ගයේ බස් රථ අනතුරක්!

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තකට පෙරළී අනතුරක්…

2 hours ago

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක් !

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ…

4 hours ago

වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…

1 day ago

අර්චුනාට නඩු – මිලියන 100ක් වන්දි ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ නඩු පවරයි!

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ…

1 day ago