යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍ය මූර්ති යාපනය අධිකරණයේ ඊයේ නඩු පවරා ඇත.
අර්චුනා රාමනදනන් මන්ත්‍රිවරයා යාපනය ශික්ෂණ රෝහලට බලහත්කාරයෙන් කඩාපැන තමන්ට අපහාස වන අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.
අවස්ථා ගණනාවකදී මෙම මන්ත්‍රීවරයා සමාජයේ පිළිගත් ස්ථානවලදී තම නම පාවිච්චි කරමින් විවිධ චෝදනා එල්ල කර අපහාස කර ඇති බවත්, එමඟින් තමන්ට හා තම කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ලබාදිය යුතු බව එමඟින් ඉල්ලා ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සත්‍ය මූර්ති කිසිදු සුදුසුකමක් සම්පූර්ණ නොකර පසුගිය ආණ්ඩුව යටතේ දේශපාලන සබඳතා පමණක් මුල් කරගෙන උසස් වීම් ලබාගෙන තිබෙන බවත්, ඔහු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…
අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර ඇතුළුව ශ්‍රී ලංකාව අද…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…
ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම…