වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් වෙයි !

705 Views
1 Min Read

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය.

එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරේ.

මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.

Share This Article
Leave a comment