Medical

යාපනයේ මී උණ පැතිර යාමට ගවයින්ගේ සම්බන්ධයක් තිබේ ද, යන්න පරීක්ෂණ අරඹයි!

උතුරු පළාතේ පැතිර යන ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ වෛරසය වෙනත් සතුන්ගේ ශරීර තුළද පැවතිය හැකි බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් පතිරණ ප්‍රකාශ කර සිටිනවා.

ඔහු කියා සිටියේ ඒ අනුව මේ වනවිට ගවයින්ගේ රුධිර සාම්පල ද පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.

මේ අතර, මේ වන විට යාපනයේ මී උණ වැළදුණු රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා ඉහල ගොස් ඇති බව යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආරුමුගම් කේතීස්වරන් පවසනවා.

එම රෝගීන් යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයේ රදවා ප්‍රතිකාර කරගෙන යන බවයි ඔහු සඳහන් කරන්නේ.

රෝගය පාලනය කර ගැනීම පිණිස මේ වන විට යාපනයේ පුද්ගලයින් 8264කට ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති අතර, රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු නොකඩවා සිදු කෙරෙනවා.

මේ අතර, වසංගතයක් මෙන් පැතිරෙන මී උණ රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් තවත් පියවර කීපයක් ගැනීම සදහාත් රෝගය පැතිර යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම පිණිසත් කොළඹ සිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් තුනක් යාපනයට පැමිණීමට නියමිතව තිබෙනවා.

යාපනයේ මී උණ රෝගය පැතිරීම හා ගවයින් අතර යම් සම්බන්ධයක් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන්ට විශාල සැකයක් ඇති වී තිබෙන අතර, කොළඹ සිට එක් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණෙන්නේ ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කිරීමට බවයි යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරනු ලැබුවේ.

මී උණ හේතුවෙන් මේ වන විට යාපනයේ හා මුලතිව් ප්‍රදේශ වල පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වූවා.

Yumal Kasun

Recent Posts

මෛත්‍රීපාලගෙන් ජනපති සමාව ගත් ආන්දෝලනාත්මක රෝයල් පාක් ඝාතන නඩුව යළි කරලියට !

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…

8 hours ago

ගාල්ලේ බලු ඝාතකයින් දෙදෙනාට ඇප !

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…

10 hours ago

මහ බැංකු බැදුම්කර නඩුවට අදාල​ව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…

10 hours ago

ChatGPT සේවාව WhatsApp හරහා පරිශීලනයට අවස්ථාව, භාවිතා කරන්නේ මෙහෙම​යි!

ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම…

10 hours ago

මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක් !

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව…

10 hours ago

ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 150ක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන…

11 hours ago