Local

මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක් !

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකොට ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

උපාලි පන්නලගේ මහතා පර්ලිමේන්තු මැතිවරණයට ‘‘තරග‘‘ කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදීය තවද ඒ මහතා තවදුරටත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බවද පෙත්සමේ සඳහන්ය.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී ඇත.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Team CNF

Recent Posts

මෛත්‍රීපාලගෙන් ජනපති සමාව ගත් ආන්දෝලනාත්මක රෝයල් පාක් ඝාතන නඩුව යළි කරලියට !

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…

3 hours ago

ගාල්ලේ බලු ඝාතකයින් දෙදෙනාට ඇප !

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…

4 hours ago

මහ බැංකු බැදුම්කර නඩුවට අදාල​ව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…

4 hours ago

ChatGPT සේවාව WhatsApp හරහා පරිශීලනයට අවස්ථාව, භාවිතා කරන්නේ මෙහෙම​යි!

ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම…

4 hours ago

ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 150ක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන…

6 hours ago

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් වෙයි !

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…

9 hours ago