News

මහ බැංකු බැදුම්කර නඩුවට අදාල​ව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද විවෘත්ත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

වරෙන්තු නිකුත් කළේ, 2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදු වූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළවයි.

සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබිය දී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළේ ය.

බැඳුම්කර මිලදී ගැනීම් මඟින් රජයට රුපියල් මිලියන 600 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුවේ සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස් ද ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

Yumal Kasun

Recent Posts

මෛත්‍රීපාලගෙන් ජනපති සමාව ගත් ආන්දෝලනාත්මක රෝයල් පාක් ඝාතන නඩුව යළි කරලියට !

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…

3 hours ago

ගාල්ලේ බලු ඝාතකයින් දෙදෙනාට ඇප !

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…

4 hours ago

ChatGPT සේවාව WhatsApp හරහා පරිශීලනයට අවස්ථාව, භාවිතා කරන්නේ මෙහෙම​යි!

ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම…

4 hours ago

මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක් !

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව…

5 hours ago

ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 150ක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන…

6 hours ago

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් වෙයි !

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…

9 hours ago