ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
මෙරට ආපදා තත්ත්වයන්වල දී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය මෙහිදි ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අතර මඟ නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතර මඟ නතර වී තිබෙන සමුද්‍රීය පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ උප සභාපතිනිය එහිදි ප්‍රකාශ කර ඇත.
ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද කිං බොයොං මහත්මිය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…
ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම…
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව…
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන…