හුස්ම පොදට මාරක නිවේදනයක් – යාපනය දඹුල්ල සහ මුලතිව් මිනිස්සු අවදානමක!

790 Views
1 Min Read

අද උදෑසන වනවිට යාපනය මුලතිව් සහ දඹුල්ල ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක තත්ත්වය බරපතල ලෙස බිඳ වැටී ඇති ආකාරය ජාතික ගොඩනැගිලි පාර්යේෂණ ආයතනයේ දත්ත හෙළි දරවු කරයි.

එම ආයතන දත්ත පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශවල සමස්ත ජනගහනයම බරපතල සෞඛ්‍ය බලපෑම්වලට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති බවය.

වාතය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් වලින් මනිනු ලබන මයික්‍රොමීටර 2.5ට වඩා අඩු අංශු විෂ්කම්භය සහිත වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය සාන්ද්‍රණය සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයක ඇති අවස්ථාවක පවතින ප්‍රමාණයකට වඩා මෙම ප්‍රදේශවල 5කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

මේ ප්‍රදේශවල සියලු දෙනා සෞඛ්‍ය පිළිබඳ සියලු දෙනා දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව අවවාද කෙරේ.

Share This Article
Leave a comment