මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී ගොවිපොලවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන් ලදී.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේය.
එන්.එල්.ඩී.බී. ගොවිපොලවල්, මිලිකෝ ආයතනය සියල්ලම අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට සෘජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා.
මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාල ආයතවලට දෙන්නේ නෑ.
මේවා සංවර්ධනය කරන්න ඕන. ඒකට අදාලව දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීම පිළිබද සාකච්ඡා කරලා කටයතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වල දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…
යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ…
අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර ඇතුළුව ශ්‍රී ලංකාව අද…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…