Political

කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවීමට නියෝග!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව ඊයේ (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර ඇත.

තවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ලැබීය.

Yumal Kasun

Recent Posts

වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…

11 hours ago

අර්චුනාට නඩු – මිලියන 100ක් වන්දි ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ නඩු පවරයි!

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ…

12 hours ago

ලංකාව අද අලුත් බැඳුම්කර නිකුත් කරයි!

අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර ඇතුළුව ශ්‍රී ලංකාව අද…

13 hours ago

මෛත්‍රීපාලගෙන් ජනපති සමාව ගත් ආන්දෝලනාත්මක රෝයල් පාක් ඝාතන නඩුව යළි කරලියට !

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ…

1 day ago

ගාල්ලේ බලු ඝාතකයින් දෙදෙනාට ඇප !

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන…

1 day ago

මහ බැංකු බැදුම්කර නඩුවට අදාල​ව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන්…

1 day ago