සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණිම සිදුවූවා.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා, උප ජනාධිපතිවරයා, විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කරනු ලැබුවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුව නවදිල්ලි නුවරදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කෙරුණා.
ඊට අමතරව ජනාධිපතිවරයා නවදිල්ලි නුවරදී මහා පරිමාණ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක ද නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හිතකර පරිසරය මෙන්ම ආයෝජනයට ඇති අවස්ථාවන් පිළිබඳ ජනාධිපතිවරයා ව්‍යාපාරිකයින්ට පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, මෙම සංචාරය අතරතුරදී ජනපති අනුර කුමාර දිසානායක බුද්ධගයාවට වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීමටද කටයුතු කළා.
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තකට පෙරළී අනතුරක්…
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම…
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ…
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ…
යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ…