යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම ගොණුකර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසිනි.
එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙසයි.
පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි.
රජයේ සේවයෙන් ඉවත් නොවී මෙයාකාරයෙන් නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කළා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව…
පොලීසියේ නිලධාරීන් හැර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවත්…
පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය ඉල්ලා සිටින බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා…
ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න…
හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් හා දැරියන් දෙදෙනෙකු දිය…