අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

203 Views
1 Min Read

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පෙත්සම ගොණුකර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසිනි.

එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි.

රජයේ සේවයෙන් ඉවත් නොවී මෙයාකාරයෙන් නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණේ.

Share This Article
Leave a comment