Political

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් වූවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම තුළින් චෝදනා කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත්, වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවත් දන්වා සිටියා.

එම කරුණු මත මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම දැනුම්දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත් එම කරුණු මත පෙත්සම සමථයකට පත් කිරීමට එකඟ වන බවත්, පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාල පෙත්සම සමථයකට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කරනු ලැබුවා.

Yumal Kasun

Recent Posts

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

2 hours ago

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

5 hours ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

5 hours ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

20 hours ago

අද සිට බිත්තර මිලේ වෙනසක් !

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…

20 hours ago

අශෝ​ක රංව​ල​ගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක…

21 hours ago