Local

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී ආරම්භ වී තිබෙනවා.

එමෙන්ම, එම හමුවෙන් පසු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ජා සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවුණා.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එක්ව සිටිනවා.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින්.

අනතුරුව ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

Team CNF

Recent Posts

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

31 minutes ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

2 hours ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

3 hours ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

18 hours ago

අද සිට බිත්තර මිලේ වෙනසක් !

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…

18 hours ago

අශෝ​ක රංව​ල​ගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක…

19 hours ago