News

ChatGPT ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කළ තරුණයෙකු සිය දිවි නසා ගනී.

ජනප්‍රිය ChatGPT නම් කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කළ OpenAI සමාගමේ සේවය කළ සුචීර් බලාජි නම් තරුණයෙකුගේ සිරුර අමෙරිකාවේ සැන් ෆැරැන්සිස්කෝ නුවර මහල් නිවාසයක තිබී පසුගිය නොවැම්බර් 26වන දා සොයාගනු ලැබුවා.

එම මරණය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ආරක්ෂක අංශ සඳහන්කර ඇත්තේ, මෙම මරණය සියදිවි නසාගැනීමක් බවයි.

OpenAI සමාගමේ පරීක්ෂකයකු ලෙස සේවය කර ඇති බලාජි, අවුරුදු 26ක ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු තරුණයෙක්.

බලාජි පිළිබඳව කතා බහක් නිර්මාණය වූයේ ChatGPT කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කිරීමේදී OpenAI සමාගම අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කිරීමත් සමගයි.

බාලාජි, මීට මාස 03කට පෙර ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

ඒ OpenAI ආයතනයෙන් ChatGPT නිර්මාණය කිරීමේ දී අමෙරිකානු බුද්ධිමය නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවටයි.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග ඔක්තෝම්බර් මාසයේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී.

මේ අතර, OpenAI සමාගම අමෙරිකානු බුද්ධිමය නීතිය උල්ලංඝනය කරමින් ඩොලර් මිලියන 150කට වැඩි වටිනාකමක් වර්ධනය කරගෙන ඇති බවටද පසුව මාධ්‍යවේදීන් ඇතුළු පර්යේෂකයින් විසින් අණාවරනය කරනු ලැබුවා.

පසුව OpenAI සමාගමට නඩු පැවරීමක් සිදුකර ඇති අතර මියගිය බලාජි එම නඩුවේ වැදගත්ම සාක්ෂිකරුවෙක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
ඉලෝන් මස්ක් ද OpenAI සමාගමේ සම-නිර්මාතෘවරයෙක් වනවා.

Yumal Kasun

Recent Posts

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

39 minutes ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

54 minutes ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

15 hours ago

අද සිට බිත්තර මිලේ වෙනසක් !

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…

16 hours ago

අශෝ​ක රංව​ල​ගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක…

17 hours ago

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක්!

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර…

21 hours ago