Local

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා ද මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කරයි.

ඒ අනුව,

  • ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා
  • ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා
  • මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා
  • කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ලෙස පත් කිරීම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Team CNF

Recent Posts

අද සිට බිත්තර මිලේ වෙනසක් !

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…

13 hours ago

අශෝ​ක රංව​ල​ගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක…

14 hours ago

ChatGPT ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කළ තරුණයෙකු සිය දිවි නසා ගනී.

ජනප්‍රිය ChatGPT නම් කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කළ OpenAI සමාගමේ සේවය කළ සුචීර් බලාජි නම්…

15 hours ago

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක්!

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර…

18 hours ago

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහෝ​සි කරන්න – නාමල් රාජපක්ෂ​ගේ නීති විභාගය ප්‍රශ්න කරන්නට ගොස් මරණීය තර්ජන මැද රටින් පැන ගිය නීති සිසුවා අගවිනිසුරුට ලියයි!

නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ…

19 hours ago

වැසි තත්ත්වය නිසා ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – සැලකිළිමත් වන ලෙස වාරිමාර්ගෙන් උපදෙස්

ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ…

20 hours ago