Political

දෙවන වරට ගෙන ආ දෝශාභියෝගය සම්මතයි – දකුණු කොරියානු ජනපතිට ධූරය අහිමි වෙයි

දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබුණි.

දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම පදනම් කර ගනිමිනි.

කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය.

ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ ඒ අනුව ය.

එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණි.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්කිරීමට නියමිත අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

Yumal Kasun

Recent Posts

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…

12 minutes ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

3 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

6 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

7 hours ago

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

9 hours ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

9 hours ago