Local

අර්චුනා යාපනය රෝහලේ යකා නටලා – රෝහල් අධ්‍යක්ෂ පොලිසියට පැමිණිලි කරයි !

ස්වාධීනව තරග කොට යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා මන්ත්‍රී බලතල භාවිතා කරමින් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට බැණ වදිමින් පහර දීමට උත්සාහ කළ බවට ඊයේ (09) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

එම පැමිණිල්ල යොමු කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති විසිනි. යාපනය පොලීසිය ප්‍රකාශ කළේ එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බවය.

මේ මන්ත්‍රීවරයා වෛද්‍යවරයෙකු වන අතර ඔහු චාවකච්චේරිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේදී රෝහල තුළ දැඩි නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව පැමිණිලි කීපයක්ම දමා තිබුණා.

අනතුරුව අධිකරණය හමුව පෙනී සිටින ලෙසටද ඔහුට නියෝග ලැබුණි. එම සිද්ධියෙන් පසුව මන්නාරම රෝහලටද රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඊට එරෙහිවද පැමිණිලි කීපයක් යොමු වීම මත ඔහුට මන්නාරම අධිකරණයේද නඩු පැවරුණි.

පාර්ලිමේන්තුවට තේරී පත් වී එහි ගිය මුල්ම දිනයේ විපක්ෂනායකවරයාට වෙන් වූ ආසනයේ බලහත්කාරයෙන් වාඩි වී එහිදීද මේ මන්ත්‍රීවරයා විශාල කලබැගෑනියක් ඇති කළේය. ඉන් පසුව එල්.ටී..ටී.ඊ සංවිධානයට පක්ෂපාතීව ප්‍රකාශයක් කිරීම නිසා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද පියවර ගෙන තිබෙනවා.

Team CNF

Recent Posts

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

54 minutes ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

4 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

5 hours ago

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

7 hours ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

7 hours ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

22 hours ago