Local

නුවරඑළිය ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය ගැන තවත් තොරතුරු එළියට !

නුවරඑළිය ලංගම ඩිපෝවේ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර, ඩිපෝවේ තිබුණේ යැයි කියන රුපියල් දස ලක්ෂ පනස් එක්දහස් එකසිය හැට හතක මුදලක් රැගෙන ගිය සැකකරුවන් තිදෙනා නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔවුන් තිදෙනා මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමයි නියෝග කර ඇත්තේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි නුවරඑලිය ලංගම ඩිපෝවේ මුදල් අයකැමි වශයෙන් සේවය කළ පුද්ගලයෙක්, එම ඩිපෝවේ රියදුරෙකු වශයෙන් සේවය කළ අයෙක් සහ ඔහුගේ මිතුරෙක්.

සැකකරුවන් තිදෙනා ඉකුත් (06) දින අලුයම 02 ට පමණ නුවරඑලිය ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ පුද්ගලයා ඩිපෝවේ ආරක්ෂක කුටියේ පුටුවක වාඩි වි සිටියදි ගෙල කපා ඝාතනය කර එම ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තබා තිබු මුදල් සොරාගෙන ගොස් තිබුණා.

එම ඩිපෝවේ කලමණාකරු විසින් තම ඩිපෝවේ මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බවට නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කළා.

ඒ අනුව සිදු කළ විමර්ෂණවලදී ඩිපෝවේ සේවය කළ මුදල් අයකැමි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර එහිදී අනාවරණය වු තොරතුරු මත ඝාතනයට සම්බන්ධ එම ඩිපෝවේ රියදුරා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධ සැකකාර රියදුරාගේ මිතුරා මහව කිරබේ ප්‍රදේශයේ නිවසක සැගව සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කළ ප්‍රශ්න කිරිමේදි ඔහුගේ ගෙවත්තේ වල දමා තිබු රුපියල් හය ලක්ෂ හැට හයදහස් පන්සියක මුදලක්, ඝාතනය භාවිතා කළ පිහිය, අත් වැසුම් සහ අවසන් වරට ඇද සිටි ඇදුම් පැළදුම් සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඩිපෝවේ සැකකාර අයකැමි විසින් ඩිපෝව සතු රුපියල් තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක මුදලක් කාලයක් තිස්සේ අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, එම මුදලින් සැකකාර අයකැමි විසින් උකස් කර තිබු පවුම් 1 ½ ක රණ් ආභරණයක් උකසින් නිදහස් කරගෙන ඇති බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මිතුරන් කිහිපදෙනෙකුට ලබා දි ඇති බවටත් පොලිසිය විසින් සිදු කළ විමර්ෂණයේදි අනාවරණය වි තිබෙනවා.

සැකකාර මුදල් අයකැමි විසින් අයථා ලෙස පරිහරණය කරන ලද රුපියල් තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක නුවරඑලිය ලංගම ඩිපෝව අයත් මුදල පියවා ගැනිම සදහා මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

Team CNF

Recent Posts

අඟුලාන ප්‍රදේශයෙන් අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමු වෙයි !

අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…

7 hours ago

බලශක්ති ඇමති කුමාර ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි !

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…

7 hours ago

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…

8 hours ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

11 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

14 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

15 hours ago