Local

අරක්කු ලීටරයේ බෝතලේට අවසර !

සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට පෙර මිලිලීටර් 180, මිලිලීටර් 375, මිලිලීටර් 750 ආදී වශයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයින්ට අනුමැතිය ලැබී තිබූ අතර, තම චක්‍රලේඛ අනුමැතියට අනුව මිලිලීටර් 250, මිලිලීටර් 500, මිලිලීටර් 700 සහ මිලිලීටර් 1000 ලෙස මත්පැන් වීදුරු බෝතල්වල ඇසුරුම් කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබෙනවා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය, මත්පැන් නිෂ්පාදකයින් ඇතුළු ආයතන කීපයක සහ 12 දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් මේවා නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

මත්පැන් නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම අනුමැතිය දී තිබෙන අතර, මෙමගින් මිලිලීටර් 1000 ලෙස වෙළෙඳපොළේ දැනට අලෙවි වන නිසි ප්‍රමිතියකින් තොර බවට චෝදනා එල්ලවී ඇති මත්පැන් අලෙවිය අඩපණ කිරීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

Team CNF

Recent Posts

අඟුලාන ප්‍රදේශයෙන් අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමු වෙයි !

අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…

56 minutes ago

බලශක්ති ඇමති කුමාර ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි !

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…

1 hour ago

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…

2 hours ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

5 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

8 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

9 hours ago