Local

දුඹුරු සීනි වැට් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් !

දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බවයි පවසන්නේ.

කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද කීය.

Team CNF

Recent Posts

අඟුලාන ප්‍රදේශයෙන් අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමු වෙයි !

අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…

4 hours ago

බලශක්ති ඇමති කුමාර ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි !

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…

5 hours ago

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…

5 hours ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

8 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

11 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

13 hours ago