Security

පොලීසියේ ඉහළ පුටු රැසකට හදි​සි ස්ථාන මාරු – CID අධ්‍යක්ෂ ධුරය කාන්තාවකට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරත් වෙනස් වෙයි!

CID අධ්‍යක්ෂක ධූරය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරු සඳහා නව නිළධාරීන් අනුයුක්ත කොට ඇති අතර, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ​ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස් මුතුමාල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස් දෙහිදෙණිය මහතා නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරුකර තිබේ.

තවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. මනතුංග පත්කර තිබෙනවා.

එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින් දැක්වෙයි.

Media-on-2024.12.03-at-0700-ජ්_යෙෂ්ඨ-පොලිස්-නිලධාරීන්-ස්ථාන-මාරු-කිරීම්-සම්බන්ධව
Ceylon News Factory

Recent Posts

අඟුලාන ප්‍රදේශයෙන් අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමු වෙයි !

අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…

6 hours ago

බලශක්ති ඇමති කුමාර ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි !

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…

6 hours ago

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…

7 hours ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

10 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

13 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

14 hours ago