අම්පාර කාර්තිව් මාවඩි පාලම අසල ට්‍රැක්ටර් රථයක් පෙරළී යෑම නිසා සිදුවු මරණ 08 සම්බන්ධව පොලිසියේ අකාර්යක්ෂම හැසිරීම වග කිව යුතු බවත් සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද ( 03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ඔහු පැවසුවේ සිද්ධිය වළක්වා ගැනීමට තබා සිද්ධිය වාර්තා කර පැය හතරක් පමණ යනතුරුවත් පොලිසිය එම ස්ථානයට පැමිණ නැති බවය. අසල ගම්වැසියන් නොපැමිණෙන්නට බේරා ගත් දරුවන් ද අද ජීවතුන් අතර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
පෙරේදා ගංවතුර වෙලාවේ මරණ අටක් සිද්ද වුනා. මම හිටියේ සිද්ධිය වනවිට ඒ පලාතෙ. මම ඒ පපාසලටත් ගියා. දරුවන් එහෙම යවලා තියෙන්නේ ඒ වෙනකොට යන්න බැරි ප්‍රශ්නයක් තිබුණ නිසා. එම මාර්ගය අනතුරු සහිත බව පොලිස් මාර්ග බාධකයක් දාලා හරි කියලා තිබුණා නම් මේ අනතුර සිද්ධ වෙන්නේ නෑ. ඒ තබා සිද්ධිය වෙලා පැය හතර පහක් ගියත් පොලිසිය ඇවිත් නෑ. ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉඳලා. ක්‍රියාත්මක වෙලා නෑ. පොලිසියට අඬ අඬ කියනකොට කියලා තියනවා එන්ට්‍රියක් දාන්න කියලා. ඉතින් මිනිස්සු අඬ අඬ පැමිණිල්ලක් දාන්න ගිහින්. ගිහින් පැයක් ඉඳලා එන්ට්‍රියක් ලියන්න. පස්සේ ගිහින් මද්‍රසා පාසලේ අය අත් අඩංගුවට ගත්තා. මේ වගේ සිදුවීම් යළි වෙන්නේ නැතිව නවත්වන්න වැඩපිළිවෙළක් යනවා. මහජන ආරක්ෂාව ඇමති ගැන සැලකිලිමත් වේවි කියලා විශ්‍වාස කරනවා. ” බදියුදීන් මන්ත්‍රීවරයා පැවසුවේය.
එහිදී නැගී සිටි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල කීවේ වහාම මේ සම්බන්ධව මැදිහත් වී අවශ්‍ය පියවර ගැනීමට සොයා බලන බවය.
බදියුදින් මන්ත්‍රී මතු කළ කාරණාව ගැන කරුණු මතු වෙලා තියනවා. පොලිසිය ගැන ප්‍රශ්න මතු වෙලා තියනවා. හිටපු පොලිස්පති තුමා කිව්වා වගේ දේශපාලනිකව පත් කළ ඕඅයිසි ලා 182ක් ඉන්නේ. අපි මේ වගේ සිදුවීම් පිළිබඳ අවශ්‍ය පියවර ගන්නවා.
අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…
ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…