Local

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට !

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබුවා.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබෙනවා.

2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබීය.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Team CNF

Recent Posts

අද නම් වැස්ස නෑ – කාලගුණ වාර්තාව මෙන්න!

අද (03) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගාල්ල සහ…

5 minutes ago

අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් !

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ…

11 hours ago

ජනපති සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම්…

11 hours ago

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක් – තිදෙනෙක් අත්අඩංගුවට, පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට තුවා​ල (VIDEO)

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා…

16 hours ago

අද හෙට ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න!

ශ්‍රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ…

16 hours ago

දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා.…

20 hours ago