WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී සිදුකරන මූල්‍ය වංචා පිළිබවඳව ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් තම දුරකතන අංකවලට ලැබෙන කිසිඳු සත්‍යාපන කේතයක් තෙවන පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ පැවසුවේ, හැකර්වරුන් වට්ස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි.
ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.
අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.
ඒ අනුව දුරකථනයට ලැබෙන කේතය හැකර්කරුවන්ට ලබා දීමෙන් පසු, ඔවුන් විසින් තමාගේ වට්ස්ඇප් ගිණුම පාලනය කරමින්, ගිණුමේ සම්බන්ධිත අංකවලට විවිධාකාරයේ ගැටලු සඳහන් කරමින් මුදල් ඉල්ලා හදිසි පණිවිඩ යැවීම සිදු කරනවා.
කෙසේ වෙතත් එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ පිළිබඳව ජනතාව තුළ පවතින දැනුවත්භාවය හරහා මෙවැනි මූල්‍ය වංචාවන් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව පවතින බවයි ඉංජිනේරුවරයා පවසන්නේ.
අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…
ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…
View Comments
මුං තාම ඉන්නෙ ගල් යුගේ උනාට හැකර්ස්ලා ඉන්නෙ 2024. තාන හිතං ඉන්නෙ කෝඩ් එක ආවම එක එකාට යවල ලබ්බක් කරනව කියල. කෝඩ් එකක් ෆෝන් එකට වත් එන්නෙ නැතුව හැක් වෙච්ච එකවුන්ට්ස් කීයක් තියෙනවද. ඔන්න මේ දවස් වල ටෙලිග්‍රෑම් එහෙම හැක් වේගන යනවා. කරන්න තියෙන්නෙ කෝඩ් එකක් එනකං බලං ඉන්න එක නෙවේ, 2 Step Verification වත් හදාගන්න.