පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන ප්‍රවෘත්ති එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණා.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම්…
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්වය ත්‍රීකුණාමලයේ සිට ඊසාන දෙසින් 100km 100 දුරින් තිබෙනවා.…
අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක්…
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…
පුද්ගලයන් 11 දෙනෙක් රැගත් ට්‍රැක්ටරයක් කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය අසළ පාලමක් මතින් ගමන්…