පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 වන වියේ පසුවන පාසල් සිසුන් පිරිසක්.
පොදු වැසිකිලිය අසලට පැමිණ තිදෙනෙකු කිසිවෙකු පැමිණෙන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටියදී අනෙක් තිදෙනා එහි සිටි සේවකයා බියගන්වා මුදල් පෙට්ටිය කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එහිදි බියට පත් සේවකයා ඉවතට පැන උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටි පිරිසගේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බවයි.
කොල්ලකෑ මුදල් භාජනයේ තිබී ඇත්තේද රුපියල් 415ක් බවද සඳහන්.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය…
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ…
10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබෙනවා. ඉන්…
මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්,…
මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ…
ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩාත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…