Local

මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා කවු​ද?

2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන් අපේක්ෂකයින් ලබා ගත් මනාප ගණන කෙරෙහි යොමු වී තිබේ.

මේ, මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

  1. විජිත හේරත් – මහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට විජිත හේරත් සමත්විය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715කි.

    මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ඔහු ලබා ගෙන තිබූ මනාප සංඛ්‍යාව 527,364කි.
  2. හරිනි අමරසූරිය – 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවා ය.

    මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඉකුත් සැප්තැම්බර් මස 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා ය. ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.
  3. වෛද්‍ය නලින්ද ජයතිස්ස – තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් මහා මැතිවරණ අපෙක්ෂකයා බවට පත්විය. ඒ, ඡන්ද 371,640 ලබා ගනිමිනි. ඔහු මැතිවරණයට තරග කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
  4. නාමල් කරුණාරත්න – මනාප ඡන්ද 356,969 ලබා ගත්තේ කරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරමිනි.
  5. කේ. ඩී. ලාල්කාන්ත – මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316951 ක් ලබා ගත්තේ ය.
Ceylon News Factory

Recent Posts

සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා ඩිජිටල්කරණයේ නවමු පරිවර්තනයකට Bethel සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකා රජයට ආරාධනා !

ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩා​ත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…

1 hour ago

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්දානන්ද දේශපාලනයෙන් සමු ගනියි (VIDEO)

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම්…

2 hours ago

මෙව​ර මහ මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව දුන් පණිවුඩය කුමක් ද?

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ…

6 hours ago

හරිනි​ගේ වැඩිම මනාප වාර්තාව පැය කීපයකින් විජිත හේරත් බිඳ දමයි – ලංකා ඉතිහාසයේ මැතිවරණයක අපේක්ෂකයෙකු වැඩිම මනාප ගත් ගම්පහ ලැයිස්තුව මෙන්න!

මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

18 hours ago

කුරුණෑගලින් පාර්ලිමේන්තු යන අය මෙන්න!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

22 hours ago

රත්නපුරෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න!

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

23 hours ago