Local

මැතිවරණ රාජකාරිවල හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හදිසියේ මියයයි !

මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන් හේතුවෙන් මියගොස් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

අද පෙරවරුවේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියාසිටියේ අද පෙරවරුවේ විවිධ ප්‍රදේශවල මැතිවරණ රාජකාරියේ නිරතව සිටියදී මෙම නිලධාරීන් රෝගාතුර වී ඇති බවයි.

හෘදයාබාධ වැනි ස්වභාවික හේතූන් මත ඔවුන් මියගොස් ඇති බවට වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පැවැසුවා.

කෝපායි, කුරුඹුරෙයි ප්‍රදේශයේ පාසලක සේවයේ යෙදී සිටි 33 හැවිරිදි පොලිස් නිලධාරියකු මියගොස් ඇති අතර, ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි සැකකෙරේ.

කැස්බෑව ප්‍රදේශයේ සිරි සදහම් භික්‍ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත්වීම් ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ද රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වීමෙන් මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පයාගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ය.

කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ 57 හැවිරිදි පුද්ගලයකුද මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වී මියගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

මෙම නිලධාරීන් තිදෙනාම හෘදයාබාධයකින් මියයන්නට ඇති බවට සැකකරන අතර, මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව සඳහන් කළා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago