Local

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා – ඡන්ද දාකයකයන්ගෙන් දැඩි විරෝධයක් !

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සනාථ කිරීම සඳහා සුළගිල්ල පාට කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

පැය දෙකකට පමණ පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ඡන්දදායකයින් පිරිසක් ඔවුන්ගේ සුළගිල්ල මේ මැතිවරණයේදී ද කලින් ජනාධිපතිවරණයේදී පාට කළ සුළගිල්ල මතම පාට කිරීම නිසා මැතිවරණ නිලධාරීන් සමග බහින් බස් වී තිබෙනවා.

පසුව ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා පැමිණ ඡන්දදායකයින්ගෙන් සමාව ඉල්ලා පසුව මහ මැතිවරණයේදී පාට කිරීමට නියමිත දබරගිල්ල පාට කරන්නට පටන් ගෙන ඇත.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඡන්ද දායකයින් පැපරල් හා කැෆේ සංවිධාන වලටද පැමිණිලි කොට ඇත.
එම ඡන්ද මධ්‍යස්ථානයේදී පලමු පැය දෙක ඇතුළතදී ඡන්ද දායකයින් හතලිහකගේ පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සනාථ කොට ඇත්තේ ජනාධිපටිවරණයේදී පාට කළ සුලාගිල්ල මතමය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago