Local

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළ යාමක් !

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවනවා.

එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටන බවයි.

සමහරුන්ව ඩුබායි හි සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසා පසුව රවටා මියන්මාරය වෙත රැගෙන යන බව වාර්තා වී ඇති බව සඳහන් ය.

එබැවින් විදෙස් ගත වන්නේ නම් නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් ජාතික කාර්ය සාධක බළකාය පවසනවා.

එබැවින් යම් සැක කටයුතු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් 0112102570, 076 844 7700 යන දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ජාතික කාර්ය සාධක බළකාය දැනුම් දෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago