නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින සහ ඊට පසු දින (15 ) දිවයින පුරා සුරා සැල් වැසීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය අත් තරු පන්ති තුනට ඉහළ සුරාබදු රා.බි 7 බලපත්‍ර සහිත හෝටල් සහ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල රැදී සිටින සංචාරකයින් සඳහා පමණක් මෙම දෙදින තුළ මත්පැන් විකිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.
මෙම කාලසීමාවේ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාද සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට 1913 ලෙස අංකයක් ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත ලබාදී තිබෙනවා.