හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණා.
රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් මහතාගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් වාහනය වෙත පහරදී තිබෙනවා.
අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.
ගැටුම අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ අතර, දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා.
ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.
රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් හා කාදර් මස්තාන් මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…