Local

අශේන්ට හිරේ යන්න වෙයි ද? – අශේන්ගේ අලුත් කැම්පේන් එකටත් විරෝධතා !

මැතිවරණ කොමිශන් සභාව විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කර ඇති පසුබිමක අශේන් වෙනත් ස්වාධීන කණ්ඩායමක ජාතික ලැයිස්තුවෙන් තරඟ කරන බව පවසමින් විශාල ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත වෙන බවයි.

මෙය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් මෙන්ම ඔහුගේ හැසිරීම අයුතු බලපෑම යන වරටද යටත් වන බව මංජුල ගජනායක මහතා අවධාරණය කරනවා.

“තමන්ට ඡන්දය ලබා දෙන ලෙස හෝ වෙනත් තැනකට ඡන්දය ලබා නොදෙන්නැයි විවිධ උපක්‍රම භාවිත කරමින් අයුතු බලපෑම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මැතිවරන කොමිසමේ තීරණය අධිකරණය මඟින් මේ වන විටත් සනාථ කර තිබියදී වෙනත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා යැයි කීම අධිකරණයට අපහාසයක්. මෙවැනි ව්‍යාජ තරුණ ප්‍රචාරකයින් උත්කර්ෂයට නංවන්නට එපා. තරුණ දේශපාලන නියෝජනය කියන්නේ මේක නෙමෙයි. මොහු සමහරවිට අදාළ ස්වාධීන කණ්ඩායමෙන් මුදල් ලබාගෙන වෙන්නට පුළුවන්, එම නිසා අපි මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නෙ පොලීසියට මේ සම්බන්ධයෙන් සොයා බලන්න”

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago