Political

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ලබා දී ඇති කාලය හෙටින් අවසන් !

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද 12 වන දින වන විට ඉවත් කළ යුතු බවය.

“මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය. 

ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා ගන්නට. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඒ කාර්යාල කිසිවක සැරසිල්ලක් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක් කිරීමට හැකියාව නැහැ.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago