Political

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ වර්තමාන දේශපාලන දැක්ම සහ අනාගත සැලසුම් ජනගත කෙරේ !

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ වර්තමාන දේශපාලන දැක්ම සහ අනාගත සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ විජයග්‍රාහී මහජන හමුවක් ඊයේ (09) සවස තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත්වුණා.

ඒ සඳහා එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් වන ඕෂධ රත්නවීර සහ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ඕෂධ රත්නවීර ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 10කට අධික කාලයක ප්‍රායෝගික අත්දැකීම් සහිත කළමනාකරුවෙකු වන අතර රටට අවශ්‍ය වන තරුණ ජවයෙන් හා මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපුන් අයෙක් වනවා

කොළඹ නගර සභාවේ ළාබාලතම නාගරික මන්ත්‍රීවරයා වශයෙන් තම සේවය ඉටුකල ඕෂධ රත්නවීර කොළඹ ආනන්ද විද්‍යාලයීය රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා නායකයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

නවීන තාක්ෂණ දැනුම, ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ හසළ දැනුමකින් පිරිපුන් වීම හා ඒ වෙනුවෙන් සමාජය මෙහෙය වීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සහිත දූෂණයෙන් තොර නව දේශපාලන සංස්කෘතිකට අවශ්‍ය තරුණ නායකත්වය සපයනු ඇති.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago