කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසුවේ, අද (09) අලුයම 12:30ට කටුනායක ගුවන් තොටුපොළෙන් මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානය මෙලෙස අවලංගු කිරීමට සිදුවු බවයි.
ඒ අනුව, හදිසි අවශ්‍යතාව මත ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන්යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
අනෙකුත් ගුවන් මගීන් පිරිස හෙට (10) දින අලුයම 12.30 ට පිටත්වීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බවද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…