උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් !

10.3k Views
1 Min Read

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු 18 සම්පූර්ණවන තරුණ ඡන්දහිමියන්ගේ නම් ද, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇති බැවින් අ.පො.ස. උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම ඇති හැකියාව පිළිබඳව අදහස් දක්වා තිබුණා.

ඒ අනූව අ.පො.ස. උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස් පෙළ උපකාරක පන්තිවල කළමණාකරුවන්ගෙන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබුණා.

එහි වැඩිදුරත් සඳහන් පරිදි මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් ද ස්වකීය කාර්යමණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටින්නේ.

Share This Article
1 Comment