Local

සුජීව සේනසිංහගේ සුඛෝපබෝගී ජීප් රථයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිතා කළ සුඛෝපබෝගී ජීප් රථයක් එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබාදී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙක් ලවා රැගෙනයාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

දුම්රිය ගමන්වාර 10ක් අවලංගුයි – හේතුව මෙන්න !

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…

9 mins ago

ඊශ්‍රායලය ආරුගම්බේ ප්‍රදේශයට නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කරයි !

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත්…

19 mins ago

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිවීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමිසම

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ…

41 mins ago

කුසල්ගේ සහ අවිශ්කගේ ශතක හමුවේ නවසීලන්තයට එරෙහිව වසට 9කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්!

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකය​න් හා ද​ඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…

10 hours ago

දේශපාලකයින්ගේ ගිනි අවි ගැන දැනුම්දීමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…

1 day ago

සිහිකැඳවීම් ගණනාවකට පසු සනත් නිශාන්තගේ නිල නිවසත් භාර දෙයි !

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…

1 day ago