සුජීව සේනසිංහගේ සුඛෝපබෝගී ජීප් රථයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත !

462 Views
1 Min Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිතා කළ සුඛෝපබෝගී ජීප් රථයක් එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබාදී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙක් ලවා රැගෙනයාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This Article
Leave a comment