බේකරි සහ ආපනශාලා නිෂ්පාදන මිල අඩු වෙයි ද ?

384 Views
1 Min Read

බේකරි හා ආපනශාලා නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවට එහි ආරංචි මාර්ග පවසනවා.

ඒ, රුපියල් ශක්තිමත් වීමට සාපේක්ෂව සහනය ජනතාවට ලබාදීමේ අරමුණින්.

මෙම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳව ජනතාව පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි කර ඇති බව සඳහන්.

ඒ අනුව වෙළඳ අමාත්‍යංශ සහ බේකරි හිමියන්ගේ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.

රුපියල් ශක්තිමත් වීමේ වාසිය සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවීමේ වාසිය ජනතාවට නිසි පරිදි ලබාදීම නිෂ්පාදකයින් කටයුතු කර ඇද්දැයි අධ්‍යයනයක ද මේ වනවිට ක්‍රියාත්මකයි.

Share This Article
Leave a comment