බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් නවතී !

419 Views
0 Min Read

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.

කිසියම් වාහනයකට වාහන ආදායම් බලපත්‍ර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් මස 13 සහ 14 යන දිනවල යෙදෙන අවස්ථාවලදී මැතිවරණය අවසන්ව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බව ද කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරනවා.

Share This Article
Leave a comment